Wizder
සිංහලෙන් කියවන්න

2018 O/L Science past paper: 5 questions with answers

5 real questions from the 2018 O/L Science paper (Paper I), each with the correct answer and the reason it is correct, in Sinhala. The Wizder O/L Science journey covers every paper from 2013 to 2025, this one included, from the first step. Free, in the app.

Practise O/L Science free in Wizder

From the 2018 paper

2018 Paper Iකාබෝහයිඩ්‍රේට් - ඩයිසැකරයිඩ සෑදීම

පහත සඳහන් සමීකරණය සලකා බලන්න. 2C₆H₁₂O₆ ⇌ C₁₂H₂₂O₁₁ + H₂O (A) (B) මෙහි A ට හා B ට සුදුසු උදාහරණ දැක්වෙන වරණය තෝරන්න.

  1. Aග්ලූකෝස් / මෝල්ටෝස්
  2. Bග්ලූකෝස් / සෙලියුලෝස්
  3. Cෆෘක්ටෝස් / පිෂ්ටය
  4. Dෆෘක්ටෝස් / ග්ලයිකෝජන්
Answer: A · Whyග්ලූකෝස් අණු දෙකක් සංඝනන ප්‍රතික්‍රියාවකින් ජලය නිදහස් කරමින් මෝල්ටෝස් නමැති ඩයිසැකරයිඩය සාදයි. සෙලියුලෝස්, පිෂ්ටය හා ග්ලයිකෝජන් බහුඅවයවක වන අතර ෆෘක්ටෝස් වෙනත් මොනොසැකරයිඩයකි; ඒවා මෙම සමීකරණයට නොගැලපේ.
2018 Paper Iශ්වසන පෘෂ්ඨය - ගර්ත බිත්තිය

ජීවීන්ගේ ශ්වසනයේ දී ඔක්සිජන් වායුව සහ කාබන් ඩයොක්සයිඩ් වායුව හුවමාරු වන්නේ ශ්වසන පෘෂ්ඨයේ දී ය. මේ අනුව මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය

  1. Aනාස් කුටීරය වේ.
  2. Bපෙනහැලි වේ.
  3. Cගර්ත බිත්තිය වේ.
  4. Dගර්තය වේ.
Answer: C · Whyවායු හුවමාරුව සිදු වන්නේ ගර්ත (ඇල්වියෝලයි) බිත්තියේ දී ය; එය තුනී, තෙත් හා රුධිර කේශනාලිකාවලින් වට වූ පටලයකි. පෙනහළුව සමස්ත අවයවයයි; ගර්තය හුවමාරුව සිදු වන අවකාශයයි; නාස් කුටීරය එම හුවමාරු ස්ථානය නොවේ.
2018 Paper Iයකඩ නිස්සාරණය - ඔක්සයිඩ

පහත දැක්වෙන ඔක්සයිඩ අතුරෙන් යකඩ නිස්සාරණ ක්‍රියාවලියට සහභාගී නොවන ඔක්සයිඩය කුමක් ද?

  1. ACaO
  2. BMgO
  3. CCO₂
  4. DSiO₂
Answer: B · WhyCaO (හුණුගල් විඝටනයෙන්) සීනුව (ස්ලැග්) සෑදීමට, SiO₂ (යපසෙහි අපද්‍රව්‍යයක් ලෙස) සීනුව සෑදීමට, CO₂ (කෝක් දහනයෙන් සහ හුණුගල් විඝටනයෙන්) ක්‍රියාවලියට සම්බන්ධ වේ. MgO මෙම සම්මත ක්‍රියාවලියට සම්බන්ධ නොවේ.
2018 Paper Iආම්ලික ඔක්සයිඩ - CO₂ හා SO₂

කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් යන සංයෝග පිළිබඳ ව පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්න. A - එම සංයෝග ආම්ලික ඔක්සයිඩ වේ. B - එම සංයෝග කාමර උෂ්ණත්වයේ දී වායු ලෙස පවතී. C - එම සංයෝග අවර්ණ ය. එම ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ,

  1. AA හා B පමණි.
  2. BB හා C පමණි.
  3. CA හා C පමණි.
  4. DA, B හා C සියල්ල ම ය.
Answer: D · WhyCO₂ හා SO₂ යන දෙකම අලෝහ ඔක්සයිඩ වන බැවින් ආම්ලික ඔක්සයිඩ වේ (A සත්‍යයි); දෙකම කාමර උෂ්ණත්වයේ දී වායු ලෙස පවතී (B සත්‍යයි); දෙකම අවර්ණ වායු වේ (C සත්‍යයි). එබැවින් A, B හා C සියල්ල ම සත්‍ය වේ.
2018 Paper Iමිශ්‍රණ - සමජාතීය හා විෂමජාතීය

පහත සඳහන් ද්‍රව්‍ය අතුරින් සමජාතීය මිශ්‍රණයක් වන්නේ කුමක් ද?

  1. Aකිරිගරු පිටි + ජලය
  2. Bඑතිල් මද්‍යසාර + ජලය
  3. Cපොල්තෙල් + ජලය
  4. Dමැටි + ජලය
Answer: B · Whyඑතිල් මද්‍යසාරය ජලය සමඟ සම්පූර්ණයෙන් මිශ්‍ර වී තනි ද්‍රාවණයක් සාදන බැවින් සමජාතීය මිශ්‍රණයකි. කිරිගරු පිටි, පොල්තෙල් හා මැටි ජලය සමඟ සම්පූර්ණයෙන් මිශ්‍ර නොවන බැවින් ඒවා විෂමජාතීය මිශ්‍රණ වේ.

That is 5 of the 40. The rest are in the Wizder journey.

The app takes a student through O/L Science from the beginning, 2013 to 2025, a few questions a day, with the answer and the reason every time. This paper is on the way. Free, no ads.

Start practising free

What the 2018 paper asked

The topics this sitting asked about, with the number of questions on each.

Other O/L Science papers

Revision guides