Wizder
සිංහලෙන් කියවන්න

2017 O/L Science past paper: 5 questions with answers

5 real questions from the 2017 O/L Science paper (Paper I), each with the correct answer and the reason it is correct, in Sinhala. The Wizder O/L Science journey covers every paper from 2013 to 2025, this one included, from the first step. Free, in the app.

Practise O/L Science free in Wizder

From the 2017 paper

2017 Paper Iරුධිර ගණ ගැලපීම

හදිසි ශල්‍යකර්මයකට ලක් වූ ගුරුතුමියකට රුධිරය පාරවිලයනය කිරීමට අවශ්‍ය වූ හෙයින් පාසලේ ආදි ශිෂ්‍යයෝ ඇයට රුධිරය දායක කිරීමට තීරණය කළහ. ඇයගේ රුධිර ගණය A නම්, පහත සඳහන් කුමන රුධිර ගණ සහිත අයට රුධිරය දායක කළ හැකි ද?

  1. AA හා AB
  2. BB හා AB
  3. CA හා O
  4. DAB හා O
Answer: C · WhyA රුධිර ගණයේ පුද්ගලයන්ගේ ප්ලාස්මාවේ ප්‍රති-B ප්‍රතිදේහ ඇති බැවින්, B ප්‍රතිදේහජනකය දරන B හෝ AB රුධිරය ලබා ගැනීම අනතුරුදායක ය. A හා O රුධිරයේ B ප්‍රතිදේහජනකය නොමැති බැවින් ඒවා පමණක් ඇයට ලබා දිය හැකි ය.
2017 Paper Iධාරිත්‍රක

ධාරිත්‍රකයක් සම්බන්ධයෙන් පහත දී ඇති කරුණු සලකන්න. A - ධාරිත්‍රකයේ තහඩුවල වර්ගඵලය B - ධාරිත්‍රකයේ තහඩු අතර දුර C - ධාරිත්‍රකයේ තහඩු අතර ඇති පාරවිද්‍යුත් ද්‍රව්‍යයේ ස්වභාවය ඉහත කරුණු අතුරෙන් ධාරිත්‍රකයක ධාරිතාව කෙරෙහි බලපාන්නේ,

  1. AA හා B පමණි.
  2. BB හා C පමණි.
  3. CA හා C පමණි.
  4. DA, B හා C සියල්ල ම ය.
Answer: D · Whyසමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාව තහඩුවල වර්ගඵලයට අනුලෝම ව ද, තහඩු අතර දුරට ප්‍රතිලෝම ව ද, තහඩු අතර ඇති පාරවිද්‍යුත් ද්‍රව්‍යයේ ස්වභාවයට ද අනුව වෙනස් වේ. එබැවින් A, B හා C යන කරුණු තුනම ධාරිතාව කෙරෙහි බලපායි.
2017 Paper Iප්‍රවේණික ආබාධ

මිනිසුන්ගේ ආවේණික රෝගයක් නොවන්නේ පහත කුමන රෝගය ද?

  1. Aහීමොෆීලියාව
  2. Bවර්ණාන්ධතාව
  3. Cතැලසීමියාව
  4. Dගොනෝරියාව
Answer: D · Whyගොනෝරියාව බැක්ටීරියාවකින් ඇති වන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වන අතර එය ජාන මගින් උරුම නොවේ. හීමොෆීලියාව, වර්ණාන්ධතාව හා තැලසීමියාව යනු දෙමාපියන්ගෙන් දරුවාට ජාන මගින් උරුම වන ප්‍රවේණික රෝග ය.
2017 Paper Iබීජ ව්‍යාප්ති යාන්ත්‍රණ

ස්ෆෝටන යන්ත්‍රණය මගින් ව්‍යාප්ත වන බීජයක් වන්නේ පහත කවරක් ද?

  1. Aඕකිඩ
  2. Bකුඩළු
  3. Cතුත්තිරි
  4. Dවරා
Answer: B · Whyකුඩළු ශාකයේ බීජකෝෂය වියළී ගිය පසු තමන්ම පුපුරා විසිර යන බැවින් එය ස්ඵෝටන (ස්වයං පුපුරන) යාන්ත්‍රණයට නිදසුනකි. තුත්තිරි බීජ කටු සහිත බැවින් සතුන්ගේ ලොම්වල ඇලීමෙන් ව්‍යාප්ත වේ; ඕකිඩ් හා වරා බීජ සුළං මගින් ව්‍යාප්ත වේ.
2017 Paper Iවිද්‍යුත් චුම්බක තරංග

විද්‍යුත් චුම්බක තරංගවල ලක්ෂණයක් නොවන්නේ පහත කවරක් ද?

  1. Aරික්තය තුළ දී සම්ප්‍රේෂණය විය හැකි වීම
  2. Bආරෝපණයක් සහිත වීම
  3. Cතීර්යක් තරංග වීම
  4. Dපරාවර්තන නියමවලට එකඟ වීම
Answer: B · Whyවිද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර දෝලනය වීමෙන් සැදෙන අතර ආරෝපණයක් අඩංගු නොවේ. ඒවා රික්තය තුළ දී පවා සම්ප්‍රේෂණය විය හැකි තිර්යක් තරංග වන අතර පරාවර්තන නියමවලට ද එකඟ වේ.

That is 5 of the 39. The rest are in the Wizder journey.

The app takes a student through O/L Science from the beginning, 2013 to 2025, a few questions a day, with the answer and the reason every time. This paper is on the way. Free, no ads.

Start practising free

What the 2017 paper asked

The topics this sitting asked about, with the number of questions on each.

Other O/L Science papers

Revision guides